Saturday, November 30, 2013

කහට උගුර....

අවන් හල බංකුවක
දුරම ඇති කෙලවරක
පාළුවට හිඳ තනිව
කහට උගුරක් සවස
පවස නිවනට දවස
තොලගාන මොහොතකට
දුටිමි තව කෙලවරක
සිටින ඔබ ඔහු සමග....
අළුත් පුසුඹෙන් සදිසි
කමිස කලිසම් පැලඳ
තෙපලමින් නුඹ සමග
පෙම් වදන් උජාරුව....
සිසිල් පැන් සමග තව
නොයෙක් රස පිරුණු සොඳ
මේසයම පුරාවට
නුඹටමද සොඳුර ඔය...
මා සමග අදත් නුඹ
සිටිය නම් මෙතන හිඳ
සීනි අඩු තේ උගුර
උරුමයකි හැම සවස....

6 comments:

  1. මම ඇත්තට ම ආසයි මේ වගේ සැඟවුණු අරුත් තියෙන කවිවලට! හැම කෙනෙක්ට ම මේ වගේ උපේක්ෂාවෙන් බලන්න පුළුවන් නං . . .

    ReplyDelete
    Replies
    1. ඔව් එතකොට ගැටළු අඩුයි.එතකොට අනිත් කෙනා එක්ක තරහක් ඇතිවෙන්නේ නෑ.ස්තුතියි අදහස් වලට

      Delete
  2. ඇත්තටම අපුරුයි ......... මාවත් සිතුවිලි ඔස්සෙ ගියා වගෙ දැනුනා

    ReplyDelete
    Replies
    1. ස්තුතියි දිරිමත් කිරීමට....

      Delete
  3. මට මතක් වුණේ මුතු කුඩ ඉහළන මල් වරුසාවේ ගීතයේ අන්තිම ටික....

    ReplyDelete
    Replies
    1. ඔව් ඒ ගීතයේ ලස්සන අදහසක් ගැබ් වෙලා තියනවා.ස්තුතියි අදහස් වලට...

      Delete