කළු වලාවක් සඳ වසාගෙන
විලේ දිය මත සඳ එළිය නැත
පුරා පෝයට පිරුණු වත කිම
වහන් වුයේ කළු වලාවට....
දෙව්ලොවේ සුර සැපත අතහැර
නිල් ගුවනෙ තරු රටා අතහැර
ආලයෙන් වෙළුනේ ඇයිද නුඹ
ගිණි දැවුණු අර කඳු මුදුන දැක....
සුදෝ සුදුවට කන්ද මත හිඳ
රැසි කැළුම් දී නිසල දිය මත
සසල නෙත් සිත් නිසල කරලන
සොඳුරු සිත්තම නුඹම අන් කිම...
නෙතු යොමමි දුර අනන්තයෙ හිඳ
කළු වලා සළු පටින් විනිවිද
නීල නෙතගින් සැලෙන පිනිකැට
නිවා සනසනු දැවුණු ගිරි හිස....
ලස්සනයි..
ReplyDeleteස්තුතියි ගොඩක්....
Deleteහොදයි නේ..
ReplyDeleteසරලයි ලස්සනයි
ReplyDeleteස්තුතියි ගොඩක්
ReplyDelete