Saturday, December 20, 2014

සප්ත කන්‍යාවියේ....

කඳු මුදුනෙ හිඳ
හිනැහෙයන් නුඹ
සප්ත කන්‍යාවියේ//

සිහින් ඉඟ සුඟ
පුළුල් බඳ ලැම
දෙතොල් නලියන
රාග වූ වත
වසාපන් ගෙන දුහුල් සළු තිර
දෙනෙත පමනක් පෙනෙන්නට මට.....

සමවැදී සිත භාවනාවක
නෙතු ගැ‍ටුනු තැන ඈත හිමගිර
සසල නොකරන් නිසල වු සිත
වශි  කරගෙන නුඹේ ‍රැඟුමට....

අහිංසක නෙතු පියන් අතරින්
ඇද හැලෙන නිල් කඳුලු ධාරා
ඔහේ දිවයයි දෙපා දෝවා
කොඳුරමින් දුක් සුසුම් ගීතය....

3 comments:

  1. ලස්සනයි ආඩම්බරයි ඔයා ගැන

    ReplyDelete
  2. ලස්සනයි...... අගෙයි......................

    ReplyDelete