වසරකට පෙරාතුව
මගෙ හිතේ ගෙදර උන්
ඇතැර ගිය දා පටන්
වෙන් කලේ ඇය මගෙන්
හදි හූනියම් තොවිල්
කුහුල සිත ඇති කරන්
ගම පුරා රට පුරා
හමුවෙමින් යකැදුරන්
දේවාල පුරාවට බාර හාරද වෙමින්
පා සලඹ ඝාන්ඨා මොණර කොළ
පුද කරන්
වැඳ වැටී දෙපා මුල
දින සතිද ගත වෙමින්.....
වසරකට පසු යෙදෙන
කෙම්මුරේ දවසකට
දේවාලෙ හිඳ
පුරුදු විදියටම ස්ත්‍රෝත
මොහොතකට ඔහුගෙ නෙත
ගෙනගියා කොඩිවැලට
ලියා ඇත දුරුවෙන්න
අපළ යමුනා අමර.....
හ්ම්ම්ම්,,, ලොකු කතාවක් ,,, ලස්සනයි හසිත්
ReplyDeleteස්තුතියි අපූර්වී....
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteසෑහෙන කාලයක කතාවක් පද කිහිපයකට අරගෙන... සුන්දර යි.
ReplyDeleteස්තුතියි ගොඩක්..
ReplyDeleteස්තුතියි ගොඩක්..
ReplyDeleteපළවෙනි පෙළි 4යි අන්තිම පෙළි 4යි කතාව පැහැදිලි කරනවා. නියමයි.
ReplyDeleteස්තුතියි ගොඩක්...
ReplyDeleteස්තුතියි ගොඩක්...
ReplyDelete