Wednesday, December 4, 2013

මහ ගෙදර.....

පරණ තාලයට සැදු
ගමෙන් ඉහලට නැගුණු
මහ ගෙදර හුණු බිත්ති
පෙනෙයි නියරට එද්දි....
බිඳුණු උළු කුස්තූර
අතර ගිය වැහි දෝර
වරිච්චිය අත නෑර
සෝදගෙන ගිය වාර...
ඉස්කෝලෙ මහත්තය
නැතිවෙච්ච දා ඉඳලා
මහ ගෙදර වැලි මිදුල
මූකලානට ඇරල....
ඔසරියට සුදු පාට
කැප වෙච්ච සුදු මැනිකා
සුසුම් ලයි හැමදාම
එළිපත්ත උඩ දපල....
මහත්තය සුදු අප්පු
ගමේ සෙල්ලම් කරපු
ඒරොප්පෙ ගිහිල්ලලු
උපාධිය කරන්නලු....

10 comments:

  1. රහයි... පට්ටයි.. උපරිමයි..

    ReplyDelete
  2. හැමදේම එකම තැනකින් ...ඛේදවාචය කෙටියෙන්

    ReplyDelete
  3. සුපිරිම තමා හසිත්

    ReplyDelete
  4. //බිඳුණු උළු කුස්තූර
    අතර ගිය වැහි දෝර
    වරිච්චිය අත නෑර
    සෝදගෙන ගිය වාර..//////

    කැමතිම පද හතර!!!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඇගයුමට බොහොම....

      Delete
  5. මට අපේ මහගෙදර මතක් වුණා.

    ReplyDelete
  6. කවියකින් කරන්න පුළුවන් දේ ගොඩක් තියනවා...

    ReplyDelete