Tuesday, April 24, 2018

මනමේ....


යුග ගනන් පුරාවට
හිස් සැඳෑ අහස යට
රැඳුණු මනමේ කතා
තැනින් තැන පෙලින් පෙල...

මවිත වූ කලෙක මෙන්
දෙනෙත් යුග විවර කර
බලති මනමේ පුවත
පෙර නොවූ විරූ ලෙස...

සය මසක් පෙරතුව
එකම පෙල එකම තැන
බැලූ මනමේ පුවත
කුමරුවන් සමග හිඳ...

අමතකව ගිය වගකි
වැදි රජුන් හා සමග
බලයි මනමේ පුවත
නොදත් සේ නුඹ රඟන...

Sunday, December 17, 2017

ආයු වෑළඳීම......

අසූ විය ආයු වලඳා
වීදියේ කෙලවරක
ඈන තියාන
දෙනෙත් දල්වයි
දොරට එපිටින්
මෑවෙන නිල් රතු
රටා අතරට......

දෑවෙන ගොවි සිත.....

පුළුුල් නිල් අහස යට
කිරි වෑදුනු නිල් ගොයම
වියලි ගිනි සුලන් වෑද
නෑලවුනද එක පෙලට
රත් පෑහෑති තෙලි තුඩින්
පින්තාරු කල අහස
දුර ඈත දකින විට
දවයි පපුතුර නිතර.......

Thursday, January 26, 2017

හිම තුහින

හිම තුහින වැසි වැටී තනපත් අග
හිරු දකින තුරා
විකසිත කරයි ගිරි හිස
සඳ එලිය යට......

Thursday, January 12, 2017

නිදහස












අනන්තය පුරා
පියපත් සලා
හිරු නිදන තුරා
අහසෙ සැරි සරා ....
ඉහල යන නුඹ
නොදත් දේ නම්
මියෙන්නේ රළු
පොලොව මත බව...


Tuesday, February 24, 2015

අහිමිවූ සඳ....

අඳුරු ලා සඳ
එලිය විඳගෙන
සිටින තුරු මත
රඟයි මද නල...

දෙනෙත් විදහා
අහස් කුස දෙස
සිටින කඩුපුල්
මලට සඳ නැත...

Monday, December 29, 2014

පුදමි නුඹෙ පා සයනෙ අමාවක තරු පොකුරු....

කඩුල්ලේ අද්දරට බිම් අඳුර ගලනකොට
දර දුමට රතු වෙච්ච දෙනෙත නිදි කරවන්න
හාංකවිසියක්වත් මතක නෑ අම්මාට
ගුරු පාර ලඟ ගෙදර මම දකින තුරු දුරට

මුරුගසන් වැසි අකුණු පුපුරාන හැලෙද්දී
සීතලට ඇඟ ලෝම බියයි මට කියද්දී
කාත් කවුරුවත් නැත සිතට මගෙ දැනෙද්දී
නුඹේ උණුසුම සොයා එමි අඳුර ගලද්දී

අමාවක දාට නැත සඳ රටා රිදී සුනු
දම් පාට අහසෙ ඇත රන් පාට තරු පොකුරු
අත දිගට නැති නමුත් රන් රිදී මුතු පබළු
පුදමි නුඹෙ පා සයනෙ  අමාවක තරු පොකුරු.....