ඇත මහා සෙල් පවුර
ඉන් පියවරක් දුර
බිම හිඳී අඩ සඳ පහන.....
මේ ගම් තුලානට
පරසිදුම දෙවොල
හාස්කම් ඇත බෝම
කියත් යන උන් නිතර....
කලින් කළ
දිග හැරෙන
පැරණි පුස්කොළ තීරු
තතු බෙදයි
හඹා යන ලෙසින්
රන් මිණි වදුළු....
තබා මල් බුලත් තටු
කපා දෙහි අහු පොකුරු
පුදා දී බිලි පඬුරු
යදියි බහිරව යකුන...
නැත නිධන් මතු වුනේ
සිතූ සේ ගල් පැලී
හිස් අතින් එන මගදි
දෙවොල හට බැන වදී....
දෙයියොත් ඉන්නේ නිදං ලැබෙනවනං විතර තමා...
ReplyDeleteම්ම්ම් ඔව් ඒකත් ඇත්ත තමා
Deleteසල්ලි කොතැනද එතැන දෙවියෝ වැඩ වසන සේක..
ReplyDeleteසල්ලි දෙවියන්ගේ මලනුවන් වන සේක
Deleteදැන් මුදල් සමඟ ලාෆින් බුද්ධ කියා නම්කළ චර්තයක්ද එක් කර ඇත.
ReplyDeleteසල්ලි ලැබෙනව නම් මිනිස්සුනට ඔනේම දෙයක්
ReplyDelete