Monday, January 27, 2014

නිධන් ......

සියක් පඩි නැගුණ තැන
ඇත මහා සෙල් පවුර
ඉන් පියවරක් දුර
බිම හිඳී අඩ සඳ පහන.....

මේ ගම් තුලානට
පරසිදුම දෙවොල
හාස්කම් ඇත බෝම
කියත් යන උන් නිතර....

කලින් කළ
දිග හැරෙන
පැරණි පුස්කොළ තීරු
තතු බෙදයි
හඹා යන ලෙසින්
රන් මිණි වදුළු....

තබා මල් බුලත් ත‍ටු
කපා දෙහි අහු පොකුරු
පුදා දී බිලි පඬුරු
යදියි බහිරව යකුන...

නැත නිධන් මතු වුනේ
සිතූ සේ ගල් පැලී
හිස් අතින් එන මගදි
දෙවොල හට බැන වදී....

6 comments:

  1. දෙයියොත් ඉන්නේ නිදං ලැබෙනවනං විතර තමා...

    ReplyDelete
    Replies
    1. ම්ම්ම් ඔව් ඒකත් ඇත්ත තමා

      Delete
  2. සල්ලි කොතැනද එතැන දෙවියෝ වැඩ වසන සේක..

    ReplyDelete
    Replies
    1. සල්ලි දෙවියන්ගේ මලනුවන් වන සේක

      Delete
  3. දැන් මුදල් සමඟ ලාෆින් බුද්ධ කියා නම්කළ චර්තයක්ද එක් කර ඇත.

    ReplyDelete
  4. සල්ලි ලැබෙනව නම් මිනිස්සුනට ඔනේම දෙයක්

    ReplyDelete