හැමෝට කළියෙන් පන්තියට
හිමිදිරියේම නැගිට
දුව එයි මධූ
පොත් මිටිය තුරුළු කරගෙන
මල් පහන් සුවඳ දුම්
බුදු පුදට තබා
දනි පනියෙ අමදියි ගෙබිම
මගදි නෙලා ගෙනවිත් සිනා මල් පොකුරු
දමා මල් බඳුනට
කිරි සුදට පිරිසිදු ගවුම
අඳියි නිතිම
පන්තියේ මුලම හිඳ
පාඩමට මයි සිත
පහේ පන්තියේ විභාගෙන්
නුඹ සමත් ඉහලින්ම
ගියා නුඹ ටව්මෙ ඇති
ලොකුම ඉස්කෝලෙකට
අවුරුදු ගනන් එක දිගට ගත වුනා
මධූගේ මතකයත් අතීතයකට ගියා
ආවේම නැති හන්දා ගම් පැත්තෙ ඉන්පස්සෙ
හිතුවෙ කවුරුත්ම නුඹ රට ගිහින් ඇති කියල
ගිය සතියෙ ටවුමෙ මුඩුක්කුව පැත්තෙ
යාළුවෙක් හම්බෙන්න ගිය මම සති අන්තෙ
හිටිවනම ගල් ගැහුන නියාවක් මට දැනුනි
දරු ගැබක් එක්ක නුඹ ඉදිරියට එනු පෙනුනි
තවම ඒ වගේමයි සුන්දරම මුහුන ඇගෙ
කොන්ඩෙ නම් ටිකක් තඹ පාට බව නෙත ගැටුනි
දරු ගැබක් දරා තව පැටියෙකුද අත රැඳුනි
මධූ යන හඬට ඇය තිගැස්සුනු ලෙස පෙනුණි
සිත පිරෙන්නම තිබුනා හීන හුඟක් පොදි බැඳගෙන
තිබුනෙ එකම එක පැතුමයි යන්නට ඉහළට ඉහළට
විසිතුන් වසකට උඹ ඔය උහුලන මහ බරම වත්ද
පොඩි කර දැම්මේ උඹගේ හුඟක් වටින හීන ගොන්න
මොහොතකට ඇවිදින් මගේ ලඟ නැවතිලා
මගේ ඇස් දෙක බලා සිනසෙන්නට වුනා
කාලෙකින් සිනාවක් නැති වෙච්ච නිසාදෝ
සිනාවද නුඹ දමා දුර ඈත ගිහින්ලු
වැඩි කතාවක් නැතුව ඇහුව ආගිය වගක්
ළමා ලපටින්ගෙ සැමියාගෙ ගැන කතාවක්
අසන්නට පෙරම නුඹ ගියා සමුගෙන මගෙන්
කියා අපි ආයෙමත් මුන ගැහෙමු මේ ලෙසින
meka athta kathawakda? sanwedi ayye... tikak newe godak.
ReplyDeleteඔක මට හිතුන කතාවක්.ස්තුතියි
Deleteමේ වගේ මධූලා සමාජයේ ඕනෙ තරම් ඇති. කවියේ අවසානය අපූරු යි. //ළමා ලපටින්ගෙ සැමියාගෙ ගැන කතාවක් අසන්නට පෙරම නුඹ ගියා සමුගෙන මගෙන්// කොහොමත් පිරිමි කියන්නේ තමන් ඉහළට යනකොට වෙනස් වෙන ජාතියක්. මධූ ඒ ඉරණමට දරුණු ලෙස මුහුණ පෑ කෙනෙක්... මම කිව්වේ මට හිතුණු හැටි.
ReplyDeleteඔව් ඔයා හිතන විදිහත් හරි.ස්තුතියි ඔයගේ අදහසට
Delete