පළාවන් පවුරු අහස උසටම
සිරවී හිඳිත් ලපටි රෝස පෙති
බඹරු දැක නැත මෙතරම් රෝස පැහැ
නොහඳුනයි පිනි බින්ඳු නුඹේ මුදු පහස....
කොරොස් කටු පිරී නැත
ලපටි නටු අග්ගිස්සෙ
පෙති තැලී පොඩිවෙලා
නැත බඹරු රොන් උරා.....
පවුර අසලටම වී තනිව
රොන් පිරී සුවඳ දෙන
මුහුකුරා වූ කුසුම්
ගැන සිතා ලත නොවන්
බඹර පහසම ලබන
නේක මල් පොකුරු දැක
මංමුළා නොම වෙයන්
රතු රෝස පැහැය දැක....
හෙට උදෑසන නැගෙන
පළමු හිරු රැස් පැමිණ
අඬගසා හිඳී
පිබිදෙන්න පෙති විකසිතව
පළාවන් පවුරු බිඳ
විහිදුවා මුදු සුවඳ
මුකුරා මල්වරව
නොපිපියන් ලොවට නුඹ....
ලස්සනයි යාළු....
ReplyDeleteනිවාඩු පාඩු වෙලාවක ගොඩවැදිලා යන්න එන්න...
www.amila-psx.blogspot.com
ස්තුතියි ගොඩක් ඔයාට.මම ගොඩ වැදිල යන්නම්කො
Deleteලස්සන ..සුවඳම සුවඳ ..
ReplyDeleteලෝකෙටම පේන්න
පෙති විහිදගෙන ඉන්න...
පාට පාට ලස්සන ලස්සන සමනල්ලුන්ට
රොන් බී සැනහී පියඹායන්න ඉඩදෙන ..
තවත් සමනලයෙකුට රොන් උරන්න දී....
පියඹා යන්න ඉඩදෙන ..
සමනළ වේශයෙන් එන බඹරෙකුට වුව පෙති විහිදාගෙන ඉන්න ...
රෝස මලක් නොවී බාදුරාවක් වුණෙමි ...
මේ මගේ කවිය හි හි ලස්සනයි ඔයාගේ සිතුවිල්ල
ඔයාගේ කවිය ගොඩක් ලස්සනයි.හොඳ පිළිතුරක් .සමනළ වේශයෙන් එන බඹරෙකුට වුව පෙති විහිදාගෙන ඉන්න ...
Deleteරෝස මලක් නොවී බාදුරාවක් වුණෙමි ... ලස්සන අවසානයක්
සුපිරි........
ReplyDeleteඅපුරුවට සිතුවම් කරලා
ReplyDeleteඅදහස හොදයි..
ReplyDeleteThis comment has been removed by the author.
Deleteස්තුතියි ගොඩක් ඔයාට
ReplyDeleteලස්සන අවසානයක් තියන නිර්මාණයක්............කදිමයි
ReplyDeleteස්තුතියි ගොඩක්
Deleteනියමයි.. මාත් ආයෙම කවි ලියන්න ගන්න ඕන..
ReplyDeleteස්තුතියි.අනිවාර්යෙන්ම පටන් ගන්න
Delete