Tuesday, January 14, 2014

සොයා යමි වන සරණ

සොයා යමි වන සරණ
පිළිසරණ නොලද කළ
වැද හිඳිමි වනේ වග
වලස් මෘග රළ අතර....
අසරණව ගිය කලෙක
නුඹේ දෙපතුල් ලඟට
නොලැබීමි පතා ගිය
නුඹේ කරුණා සුවඳ....
පෙම් කලේ මිරිඟුවක
වැඩුනු පරසතු මලට
හිමිඋනේ මරු සිටින
දිය නොමැති වැලි කතර....
සොයා ගිය නමුත් නුඹ
වසන දුර සරු පොළොව
හිමිවුනේ වන සරණ
වග වලස් කැළ වසන....

3 comments:

  1. අකුරු ඩිංගක් ලොකු කරල දාන්නකෝ අනේ ටැපලෙනවා..

    ReplyDelete
    Replies
    1. බෝම ස්තුතියි... මේක පලායාමක්ද???

      Delete
  2. නැත.කළකිරුණු ජීවිතය හැර යාමක්

    ReplyDelete