සැඳෑ සක්මන් කරන අඳුරට
වහන් වී වැව් ඉහත්තාවේ
තොටුපලේ දිය රටා සිපගත්
මදාරා මල් කැකුළ නුඹ නම්....
පිපි තඹරු මත වැටුණු පිණි කැට
පිරිමදින ලැම සියොලඟම මත
දිලෙයි කරලන මුතු දෙපොට ලෙස
රිදී එලියෙන් වැටුණු ඉරගල....
වලාකුළු සළු සේලයෙන් වට
සඳ මඩල වැව් ඉහත්තාවේ
හනික දිය නා ගොඩට පලයන්
පැහැදි නිල් දිය කැලඹෙන්න පෙර....
හි හි ආදරණිය උපදේශයක් අයියෙක්ගෙන් හි හි ලස්සනයි
ReplyDeleteඔමා....නාලා ගොඩට එන්න විතරයි කියලා තියෙන්නේ...ගෙදර යන්න කියලා නැහැ.;DD
Deleteඔව් ඔව් නංගිලාට අයියලා කියලා දෙන්න ඕන නේ මෙ දේවල් ගැන.ස්තුති ගොඩක්
Deleteනාලා ගොඩ වෙලා ගෙදරත් ගියොත් තමා හොඳ????
Deleteපදමාලවනම් අපුරුයි ඒත් මට් මේකේ තේරුම හිතාගන්න බැරිඋනානේ. හිමීට හිතන්නම්කො.
ReplyDeleteහොඳයි හිතලා බලන්නකො මට හිතුන දේමද ඔයාටත් හිතුනේ කියලා.ස්තුති ගොඩක්
Deleteඅපූර්වී අක්කා කියන්නා වගේ අපූරු උපදේශයක් හැංගුන පද පෙළක්, ලස්සණ යි!
ReplyDeleteඔව් ධාරා ඒක උපදේශයක් වගේම තවත් ගොඩක් ලොකු තේරුමකුත් තියනවා.ටිකක් හිතුවොත් ඇයගේ රූප රස දෙනෙතින් පමනක් විඳින පෙම්වතෙකු නොවන පිරිමියෙක්ගේ සිතුවිලි......ස්තුතියි ගොඩක්
Deleteනිල් දිය කැළඹෙනවා කියන්නෙ සුවර් සොට් මිනී මෝරෙක් හරි කිඹුලෙක් හරි බැස්ටිය දෙන්න තමයි හදන්නෙ..
ReplyDeleteම්ම් ඔව් ඒකත් වෙන්න පුලුවන්....
Deleteලස්සන අදහසක්..
ReplyDeleteVint Ceramic Art | TITNIA & TECHNOLOGY
ReplyDeleteExplore https://jancasino.com/review/merit-casino/ an all titanium metal trim new “Vint Ceramic Art” project 바카라 사이트 on TITNIA & TECHNOLOGY. Our team of sculptors 출장마사지 and artists have created new and gri-go.com