Saturday, November 23, 2013

සැන්දෑවේ පිපි තඹරු....

සැඳෑ සක්මන් කරන අඳුරට
වහන් වී වැව් ඉහත්තාවේ
තො‍ටුපලේ දිය රටා සිපගත්
මදාරා මල් කැකුළ නුඹ නම්....
පිපි තඹරු මත වැ‍ටුණු පිණි කැට
පිරිමදින ලැම සියොලඟම මත
දිලෙයි කරලන මුතු දෙපොට ලෙස
රිදී එලියෙන් වැ‍ටුණු ඉරගල....
වලාකුළු සළු සේලයෙන් වට
සඳ මඩල වැව් ඉහත්තාවේ
හනික දිය නා ගොඩට පලයන්
පැහැදි නිල් දිය කැලඹෙන්න පෙර....

12 comments:

  1. හි හි ආදරණිය උපදේශයක් අයියෙක්ගෙන් හි හි ලස්සනයි

    ReplyDelete
    Replies
    1. ඔමා....නාලා ගොඩට එන්න විතරයි කියලා තියෙන්නේ...ගෙදර යන්න කියලා නැහැ.;DD

      Delete
    2. ඔව් ඔව් නංගිලාට අයියලා කියලා දෙන්න ඕන නේ මෙ දේවල් ගැන.ස්තුති ගොඩක්

      Delete
    3. නාලා ගොඩ වෙලා ගෙදරත් ගියොත් තමා හොඳ????

      Delete
  2. පදමාලවනම් අපුරුයි ඒත් මට් මේකේ තේරුම හිතාගන්න බැරිඋනානේ. හිමීට හිතන්නම්කො.

    ReplyDelete
    Replies
    1. හොඳයි හිතලා බලන්නකො මට හිතුන දේමද ඔයාටත් හිතුනේ කියලා.ස්තුති ගොඩක්

      Delete
  3. අපූර්වී අක්කා කියන්නා වගේ අපූරු උපදේශයක් හැංගුන පද පෙළක්, ලස්සණ යි!

    ReplyDelete
    Replies
    1. ඔව් ධාරා ඒක උපදේශයක් වගේම තවත් ගොඩක් ලොකු තේරුමකුත් තියනවා.ටිකක් හිතුවොත් ඇයගේ රූප රස දෙනෙතින් පමනක් විඳින පෙම්වතෙකු නොවන පිරිමියෙක්ගේ සිතුවිලි......ස්තුතියි ගොඩක්

      Delete
  4. නිල් දිය කැළඹෙනවා කියන්නෙ සුවර් සොට් මිනී මෝරෙක් හරි කිඹුලෙක් හරි බැස්ටිය දෙන්න තමයි හදන්නෙ..

    ReplyDelete
    Replies
    1. ම්ම් ඔව් ඒකත් වෙන්න පුලුවන්....

      Delete
  5. ලස්සන අදහසක්..

    ReplyDelete
  6. Vint Ceramic Art | TITNIA & TECHNOLOGY
    Explore https://jancasino.com/review/merit-casino/ an all titanium metal trim new “Vint Ceramic Art” project 바카라 사이트 on TITNIA & TECHNOLOGY. Our team of sculptors 출장마사지 and artists have created new and gri-go.com

    ReplyDelete