අවන් හල බංකුවක
දුරම ඇති කෙලවරක
පාළුවට හිඳ තනිව
කහට උගුරක් සවස
පවස නිවනට දවස
තොලගාන මොහොතකට
දුටිමි තව කෙලවරක
සිටින ඔබ ඔහු සමග....
අළුත් පුසුඹෙන් සදිසි
කමිස කලිසම් පැලඳ
තෙපලමින් නුඹ සමග
පෙම් වදන් උජාරුව....
සිසිල් පැන් සමග තව
නොයෙක් රස පිරුණු සොඳ
මේසයම පුරාවට
නුඹටමද සොඳුර ඔය...
මා සමග අදත් නුඹ
සිටිය නම් මෙතන හිඳ
සීනි අඩු තේ උගුර
උරුමයකි හැම සවස....
මම ඇත්තට ම ආසයි මේ වගේ සැඟවුණු අරුත් තියෙන කවිවලට! හැම කෙනෙක්ට ම මේ වගේ උපේක්ෂාවෙන් බලන්න පුළුවන් නං . . .
ReplyDeleteඔව් එතකොට ගැටළු අඩුයි.එතකොට අනිත් කෙනා එක්ක තරහක් ඇතිවෙන්නේ නෑ.ස්තුතියි අදහස් වලට
Deleteඇත්තටම අපුරුයි ......... මාවත් සිතුවිලි ඔස්සෙ ගියා වගෙ දැනුනා
ReplyDeleteස්තුතියි දිරිමත් කිරීමට....
Deleteමට මතක් වුණේ මුතු කුඩ ඉහළන මල් වරුසාවේ ගීතයේ අන්තිම ටික....
ReplyDeleteඔව් ඒ ගීතයේ ලස්සන අදහසක් ගැබ් වෙලා තියනවා.ස්තුතියි අදහස් වලට...
Delete