Friday, December 13, 2013

ධවල මන්දිර ....

ධවල මන්දිර
රටේ අගපුර
වීදි බැසගෙන
මවයි සුරපුර....
පෙනෙන දන නෙක
සොයා ඒ සැප
හඹා යයි මං මුලා වූ ලෙස....
අඳුරු අහසේ තාරකා ගෙන
පොළොව මත හිඳ උන්ගේ කරගෙන
යසට අගපුර අහස මත හිඳ
වැජඹෙනා සැටි බලන් ඈතට....
කළු වසා සුදු බැමිද ඉදිකොට
ඇස් වසා රඟහල්ද ඉදිකොට
කඳුල ගෙනගොස් දුරක සිරකොට
මවාලයි සුරපුරක් මිහිමත....

2 comments:

  1. මේ කවුරු ගැනද කියන්නේ හසිත්... අපි ගැනනම් නොවන බව දන්නවා..
    ඒයේ ගෝල්පේස් පිට්ටනියත් මේ වගේ තියෙන්න ඇති කියල හිතුනා

    ReplyDelete
  2. ඔව් මචන් කොලඹ ගියාම අපිට පේන එවා නේ....

    ReplyDelete