Sunday, December 22, 2013

කෙම්මුර දවස.....

ඇතැර ගොස් ඇය ඔහුව
වසරකට පෙරාතුව
මගෙ හිතේ ගෙදර උන්
බන්දලා දීල ඇති.....
ඇතැර ගිය දා පටන්
වෙන් කලේ ඇය මගෙන්
හදි හූනියම් තොවිල්
කුහුල සිත ඇති කරන්
ගම පුරා රට පුරා
හමුවෙමින් යකැදුරන්
දේවාල පුරාවට බාර හාරද වෙමින්
පා සලඹ ඝාන්ඨා මොණර කොළ
පුද කරන්
වැඳ වැටී දෙපා මුල
දින සතිද ගත වෙමින්.....
වසරකට පසු යෙදෙන
කෙම්මුරේ දවසකට
දේවාලෙ හිඳ
පුරුදු විදියටම ස්ත්‍රෝත
මොහොතකට ඔහුගෙ නෙත
ගෙනගියා කොඩිවැලට
ලියා ඇත දුරුවෙන්න
අපළ යමුනා අමර.....

9 comments:

  1. හ්ම්ම්ම්,,, ලොකු කතාවක් ,,, ලස්සනයි හසිත්

    ReplyDelete
  2. ස්තුතියි අපූර්වී....

    ReplyDelete
  3. සෑහෙන කාලයක කතාවක් පද කිහිපයකට අරගෙන... සුන්දර යි.

    ReplyDelete
  4. පළවෙනි පෙළි 4යි අන්තිම පෙළි 4යි කතාව පැහැදිලි කරනවා. නියමයි.

    ReplyDelete