නිසල ගං දිය රහස් කොඳුරන
අමාවක රෑ අදත් ඇවිදින්
කාන්සිය සිත අතුලෙ තදකොට
නුඹ සමග එමි අදත් පෙර මෙන්.....
ගැඹුර නොදකින නිසල ගං දිය
දෙපා මුල හිඳ බලයි මා දෙස
නුඹේ වාරුව උරුම ඌ මට
ගැඹුර ගැන සිත කුමට තැවෙනුද.....
එගොඩ මෙගොඩට සතුට දුක ගෙන
පැද ගියෙමි දිවි සැඳෑ වනතුරු
මගේ දිවියට රාත්රි කල
එන්නේ කවුරුද නුඹේ තනියට....
නියමයි මචං ලස්සනට ලියලා තියනවා.
ReplyDeleteස්තුති මචන් ගොඩක්
ReplyDeleteහරිම ලස්සනයි
ReplyDeleteගොඩක් ස්තුති මාව දිරිමත් කිරීමට
Delete