Friday, January 31, 2014

කවියෙක්.... සැමියෙක්.....

වරක් දැක
ඇය රූ වරුණ
කැටයම් කරයි කවියක
නිදි වරා මුළු ‍රැයම
පුරුදු විරිතට....
නා දළු දෙතොල්
පුළුල් බඳ
නීල නෙත්
‍රැ‍ඳෙයි මුල් පේලි මත....
වරක් ඇය හා යහන් ගත වූ
කලෙක මෙන් තැනෙන
පද මැදට....
හිරු අවදි වන තුරුත්
තෙමයි හාදු නැති දෙතොල්
නීරස මධු විතින්
නිදයි පොඩිවූ කඩදාසි මත
සුව යහන මත ඇය
සුසුම් ලන කල....

8 comments:

  1. මට නං හරියටම පැහැදිලි නෑ. රහට තියෙනවා..

    ReplyDelete
    Replies
    1. මට හිතුණු විදිහ හරි ද මන්දා....

      Delete
    2. සොරි ඈ.. හෙඩිම පස්සේ මීටර් උනේ.. එළ....

      Delete
    3. ටිකක් විතර පැටළෙනවා වගේ ඒත් ලොකු තේරුමක් තියනවා

      Delete
    4. ටිකක් විතර පැටළෙනවා වගේ ඒත් ලොකු තේරුමක් තියනවා

      Delete
  2. සැමියෙක් නම් අවුලක් නැහැ.. මම හිතුව වෙන සීන් එකක් කියල :)

    ජය !

    ReplyDelete