Monday, December 16, 2013

අවිනිශ්චිත පමාව....

සැඳෑවට නා කපන වැහි දාට හන්දියට
කළු කුඩේ ඉහදාන හෙමි හෙමින් අප්පච්චි
දෝර යන වතුර කඩ වළකමින් මැද නියරෙ
පිය තබයි මඩ ගොහොරෙ දණ ඉහක් එරීගෙන....
අටේ කණිසම වෙද්දි ගමට යන බස් රථය
එනතුරුම මග බලා හිඳින්නැති අප්පච්චි
හරියටම පැය දෙකක් ගතවෙද්දි හිතෙන්නැති
ගඟ ගලලා වේලි යට වෙලා හෙම වෙන්න ඇති....

2 comments: