Friday, November 29, 2013

කවියෙකුගේ ශෝකාන්තය....

කඳුළු ගංගා පෙළට මැදිවී
ලියූ කවි පද තවම තරුණයි
හුදෙකලා වූ දිළිඳු මා නම්
ලියූ කවි තරමටම මහළුයි....
දහස් දන මුව අගින් ‍රැව් දෙන
මගේ දිවියේ දූක් සුසුම් බිඳු
‍රැගෙන යයි මද පවන අද හැමු
මතින් මා ලෙඩ ගතින් වැතිරුණු....

4 comments:

  1. හිතට අමුතුම හැගිමක් ආවා...

    ReplyDelete
  2. //කඳුළු ගංගා පෙළට මැදිවී
    ලියූ කවි පද තවම තරුණයි
    හුදෙකලා වූ දිළිඳු මා නම්
    ලියූ කවි තරමටම මහළුයි....//

    අපූරු යි... ඒ තමා කවියක හැටි, කවියෙකු ගෙ හැටි.

    ReplyDelete