Tuesday, February 5, 2013

සඳ කුසුම.....

අඳුරට පිපී අඳුරට විකසිතව
හිරුට පෙර මිලිනව
සඳට පමණක් උරුම
සඳ කුසුම,
රත්‍රී මද පවන
කඳු මුදුන් සිසාරා ගෙන යයි
නුඹෙ සුවඳ,

සිත් සේ විඳිනු වස් ඒ සුවඳ
පැමිණියද බඹර කැළ
තෙපලමින් නුඹ මගෙය
හිමිවෙයි නුඹේ මිලින වතම
සඳට පමණක් උරුම
කඩුපුල් මල් කැකුල.....

8 comments:

  1. ලස්සන කවි පෙලක්..

    ReplyDelete
  2. හරිම ලස්සන පද පෙළක්. තාත්විකව කඩුපුල් මලට වෙන්නෙ මේකම තමයි. අදමයි ආවෙ මේ පැත්තෙ කවියට පෙම් කරන නිසාම.

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි අපිට පේන්න තියන ගොඩක් දේවල් වල ලස්සන කවියක් හැන්ගිලා තියනව.....

      Delete
  3. ලස්සනයි රසවින්දා හුඟක්

    ReplyDelete
  4. කඩුපුල ගැන මගේ හිතේ ඇතිවුනේ නම් වෙනස්ම අදහසක් හසිත්,
    කඩුපුල් මල ටිකෙන් ටික මෝදු වෙන හැටි ඉර බලාගෙන ඉන්නවා ඒ කවදාහරි කඩුපුල් මලේ සුවද විදගන්න ඉතින් මේ ඉර මලට මොදිත වෙන්න ඕන වෙන ආලෝකය විතරක් නෙවේ හැම දේම සපයනවා. එත් දවසක් ඉර ඇවිත් බලද්දී මල පරවෙලා, තැලිලා පොඩිවෙලා ගිහිල්ලා. රාත්‍රී අදුරත් එක්ක මේවගේ දේවලුත් වෙනවා . සමහර විට මල් පිපෙන්න ඉඩ හදල දෙන්නේ එක කෙනෙක් සුවද රසය විදින්නේ තව කෙනෙක්.

    ReplyDelete
  5. සන්ජය ඇත්තටම ඒක හොඳ අදහසක්.මම නොහිතපු පැත්තක් ඔයා හිතල තියනවා.හැම දේකම අපිට නොපෙනෙන ගොඩක් අදහස් හැන්ගිලා තියනවා

    ReplyDelete