Saturday, February 16, 2013

මිතු දමක නාමයෙන්....

පිය නගමි නුඹ සමග
දුර වුවත් අප දෙදෙන
පෙනෙන සේ මුළු ලොවට
පෙම්වතුන් වු ලෙසක....

දිවි ගෙවමි නුඹ සමග
නුඹෙ වරද සඟවන්න
මිතු දමක නාමයෙන්
බැඳි පෙමක් නැති වුවද....


6 comments:

  1. දිවි ගෙවූ පමණින්ම
    හැකිවේද සගවන්න
    කිසිදාක නොමකෙනා
    සිතට නුබේ වූ වරද

    මිතුදකමක නාමයෙන්
    සගවුවද ලෝකයෙන්
    හැකිවේද සගවන්න
    ඔබේ ඔය හදවතින්

    එය........?

    ReplyDelete
  2. වරද ලොවෙන් හැංගුවාට
    හදවත් තුල හැංගේවිද

    ReplyDelete
  3. සිතට බෑ සඟවන්න
    පෙම නොලද ආදරය
    ලොවට බෑ සඟවන්න
    පෙම්වතුන් වු ලෙසට....

    ඒත්.....

    අතරමං වු අගේ
    ජීවිතය සරසන්න
    පැමිනෙයිද මතු අගේ
    නිමා කල ප්‍රේමයම...

    දිවි ගෙවමි ඇය සමග
    දුර වුවද ආදරය
    පියෙකු වෙමි
    පියෙකු නැති
    අගේ කුලුඳුල් පුතුට....

    ReplyDelete
  4. එලය...

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  5. ස්තුති ඔබට.නුඹේ රජ සම්පත් දියුනු වේවා

    ReplyDelete
  6. හැගේ ඔබේ පිවිතුරු හැගුම
    එසේනම් හැකිවේවි ඔබහට
    පියෙකු නැති
    දරුවන් සැමට
    පියෙකු වන්නට

    සිරි ලංකාවේ එවැනි සිරි ඉතිරෙන අනාගතය අත ළගය. අද නොවුවද හෙට මෙය ශ්‍රී ලංකාවට කෙදවචකයක් වනු නොවනුමානය. ඒ සදහා ඉහලින්ම ආදර්ශ ලැබී ඇත.

    ReplyDelete