Thursday, September 27, 2012

සිරකරු.....

අඳුර අතහැර යන්න එලියට
ධවල මරණය අත වනයි මට
ඒත් කොහොමද යන්නේ එලියට
කරපු පාපය ඉවර නෑ තව....

සිරුර වෙලමින් දැවුනු ගිනිදැල්
දෙපා දොවමින් ගැලූ රතු ලේ
දිවා අඳුරක සැඟව ගත් කල
යන්නෙ කොහොමද අඳුර අතහැර....

අන්ධ යුක්තිය සිර ගෙදර දොර
මග බලයි හිස නමා එනතුරු
ලෙයින් යකඩින් ලොව තැනෙන තුරු
විඳිමි පාපය එලිය එනතුරු....

Friday, September 7, 2012

යමපුරක් නොවූ සුරපුරය....

තෙමාලනු පිණිස ගිනි කතරකට වැහි පොදක්
සඳ වසා පැමිනෙන්න ලොවට දී ගනඳුරක්
නොමිනිසුන් වසන මේ සුරපුරට තව වරක්
පායන්න නම් එපා උදා හිරු කිසි ලෙසත්....

කාසිවල පහසකට අත වනන ආදරය
ඇත වීදි කෙලවරක ඇස ගැ‍ටුනු සැම තැනක
මත් කමෙන් රාගයෙන් උමතු වු යෞව්වනය
පන යදී තව තැනක විලි බියද නැති ලෙසක...

සුරපුරක් නොව්නමුත් වන වැදුනු බැද්දෙගම
සිසිලසකි දිවි කතර අමා පැන් ගෙන තෙමන
මාලිගාවක සැපත නැති නමුත් අතු පැලක
නුඹෙ සුවඳ ඇත තවම කුඩා කල මට දැනුනු....

Tuesday, August 28, 2012

පුර හඳ කළුවර....

ඉදිකඩ පසුකර ගොම්මන් කළුවර
ගෙට ගොඩවෙනවා පෑල දොරින්
ගෙපැලේ කෙලවර ඉනිවැට අයිනේ
අම්මේ නුඹ තාමත් තනියෙන්....

කුප්පි ලාම්පුව දිලුනත් ගේ මැද
සඳකැන් වැ‍ටුනත් වහලෙන් ගෙබිමට
ඔහු නැති ගේ ඇති පුර හඳ කළුවර
මකා දමනු බෑ ආවත් පුර සඳ....

පාළු ගොයම ඉකි බිඳිමින් හැඬුවට
රෑ දාවල් නුඹ දෑස රිදෙව්වට
ලනු ඇඳ උඩ හිඳ අප සනසන්නට
එන්නේ කළුවර විතරයි හවසට....

Wednesday, August 22, 2012

අසම්මතය....

අමාවක සළුපටින් වැසුනු ඒ සඳ මඬල
මෝදු වී පැමිනේද සිකුරු දින අහස් කුස
අඳුරු වු සළු  පටේ තරු පොකුරු රටාවට
පරයන්න බෑ නුඹේ දිගු නීල නෙත් කැල්ම....

සඳේ රුව විඳි නමුත් සඳට ලංවනු කෙසේ
සිතිජ ඉම බෝ දුරයි නිමක් නම් නොව පෙනේ
සම්මතය ජීවිතය  එක්ව යන මවතේ
සිතනු බෑ සොඳුරියේ අසම්මත ආදරේ....

Friday, August 17, 2012

පෙම් බඳිමි සැමදා ලොව හැර ගියත් පෙරදා....


අවදියෙන් නුඹ අවදියෙන්
අඳුරු රෑ නුඹ අවදියෙන්
සදාකාලික නින්ද  හිමි නුඹ
අවදියෙන් අවදියෙන්....

පුරා පෝදා සඳක එලියට
නොදු‍ටු නුඹෙ හැඩ බලමි අඳුරෙම
වෙනදාට නැති නිසල නෙත් යුග
සඟවා ඇත රෑ අහස් කුස තුල....

වැටෙන වැහි පොද රුදුරු සිතල
වෙලා ගත මුත් නුඹේ මුදු වත
විශාකාවක් ලෙසින් තනිවම
කුමරි බඹසර රකිනවද නුඹ....

සඳ පහන් වු ‍රැයට වැඩියෙන්
අඳුරු සීතල මොහොත මනරම්
අඳුරු ‍රැයකදි බැන්ද පෙමකට
මග බලමි නුඹ හෙටත් එනකන්....

Wednesday, August 15, 2012

හිරුට හිමි වී සඳුට පෙම් බැඳ....

ඉකි බිඳින්නට අඳුර එනකන්
මග බලන සි‍ටු කුමරියක වී
තෙමුණු දෑසින් වැටෙන කඳුලින්
 නිවාලන්නද හදක ගිනිදැල්....   

හිරුට හිමි වී සඳුට පෙම් බැඳ
හිරුට හිනහෙන සඳවතිය නුඹ
පතයි අඳුරම සඳක සැනසුම
ලද නමුත් හිරු ‍රැසක උණුසුම....

බිය සැකය කරලියක පි‍ටුපස
චපල චන්චල හදක් රඟදෙන
උන්මතෙකුගේ සුදු කෙලියක
රඟයි ඈ හසඟනක් වී හිඳ....

Tuesday, August 7, 2012

දෙවියන් ඔබමයි මගේ අම්මේ....

පෙරලද ජන්මයේ කරලද පිනකට
මාහට මව් සෙනෙහේ ලැබුනා
දෙවියනි නුඹ හට වැඩියෙන් මා හට
මා මව් ‍රැකවරනය දුන්නා....

දසමස කුස තුළ මා ‍රැකගත් නුඹ
රතු ලේ කිරිකර මට පෙව්වා
ඔබ දුන් ශක්තිය ඔබ දුන් ජීවය
මාගේ දිවිමග පණ පෙව්වා....

ඔවදන් දී මා නිසිමග යැව් ඔබ
මා දිවියේ මුර දෙවියන් වු ඔබ
පතනා භවයක පතනා මොහොතක
තුන්ලොව සනසන බුදු වේවා....

Thursday, August 2, 2012

අපේ එකා....

ගෙවිනි තෙවසරක්
පසු කළෙමු බෝ දුරක්
බැඳුණු මිතු දමක්
සහෝදර ප්‍රේමයක්....

හා... මචන් කොහොමද
බොග දානවද උඹ
අතට පොත ගත් කල
අසයි අපි සැම දෙන....

බැජ් එකේ එක වැඩක්
වුස් වල පෝස්ටරයක්
ඕනෙම දානයක්
නැත උගේ මීටරයක්....

මොහොතකදි උඹ ගියා
අප දමා සැඟවුනා
සහෝදර මිතු දමක්
මතකයට මුසු උනා....

Wednesday, August 1, 2012

සබඳ එක්ව යමු සැමදා

සිනිඳු පාවඩ නැත එලන්න
රුවැති මල් දම් නැත දමන්නට
එක්ව යන්නට ‍රැගෙන යන්නට ‍රැගෙන නුඹෙ අත
ලැබුනු සැඩ රලු මාවතකි මෙය.....

හන්තාන කඳු වසා පැතිරෙන
සිනිඳු මීදුම් සේලයක් ගෙන
රුදුරු වන පති හිසෙහි පලඳින
සුපිපි මල් දම් එකට කැටිකොට
සරසවමු අපි නුඹේ මාවත
නොලබනා රළු පහස නුඹ හට.....

කෙලක් රෝදුක් උසුලවාගෙන
ගැහැට විඳිනා ලෝ සතුන් වෙත
උතුම් ජීවක වෙද වරුන් ලෙස
ගනිමු නුඹෙ අත එක්ව යනු ලෙස.....

Monday, July 30, 2012

නොදු‍ටු රුව

අඳුරු කඩතිර ඉරා
නුඹෙ සුවඳ විඳ ගන්නට
හිඳිමි යලි නුඹ එන තුරා
මගේ පාළු ලෝකයට....

පෙලක් මල් මත පාට තවරා
කලත් කැටයම් දෙව්ලියන්
කෙලෙස දකිමිද අඳුර විනිවිද
බලන්නට ඒ රූ දසුන්.......

අඟිලි තුඩකට දැනෙන නුඹෙ රුව
මට මාගෙ කර ගන්නට
හැකිවේද සිතේයි
පාලු මගේ ලෝකයට.......          

Saturday, July 21, 2012

සැබෑම පාරාදීසයක්මැයි

හුදෙකලාව සැබෑම පාරාදීසයක්මැයි
ඈත කඳු‍රැල්ල වසාගත් සේදයක් බඳු වූ මීදුම් වලාව
හාත්පස අරක්ගත් මද අඳුර තුලින් වැටෙන සිරිපොද දෙස
තනිකම අරක්ගත්  පාලු කුටියක දොරකඩ අසලට වී හිඳ
නෙතු අයා සිටියොත්
කවරෙකුට වුවද වැටහේ එය සබෑම තතු ලෙසට......

ඒ සොබාදහමෙන් මැවුනු පාරාදීසයේ
හුදකලාව නම් වූ පාලු අරණ තුල
ප්‍රේමය නම් වූ මායාවන් කිසිවක් නැත
දැහැන බිඳිමට ඇත්තේ සියොතුන් නඟන හඬඳ
වැහි පොදේ සිරි සිරියද මිස අන් කවරක්ද........

තම ප්‍රේමවන්තියගේ කෙලිලොල් වදන් නම් වු මිරිඟුවෙන්ද
මිහිරියයි පවසන්නා වූ පහස නම් වූ මායාවෙන්ද මිදී
යමෙක් හුදෙකලාව නම් වූ පාලු අරනට පිවිසියොත්
සබැවින්ම පසක් වේ සැබෑම පරාදීසය මෙයයි කියා !!!!!
                               

Friday, July 20, 2012

සිරගත ආදරය

තනි යහනට වී තනිවම මුමුනන
සුමිහිරි ගී වැල් කාගේ දෝ
දෙතොලින් නොකියන දෙනෙතින් පවසන
මුමුනන කතාව ඔබගේ දෝ.......

දුහුල් වතින් වැසි ලාලිත දේහය
නුරා මතින් පිරි නුඹේ නුවන් යුග
සුසුම් දුරක හිද බලා සිටින්නට
පවසයි මගෙ හිත ලොවට හොරෙන් මට......

අඳුරු ‍රැයක එටැම් කුටියේ හිඳ
ගයයි ඇගේ දුක ගීයක කැටිකොට
දුකින් හෙලන කඳුලැල් පිනි කැටි ලෙස
වැටෙනු මැනේ දිවි කතරට වැහි ලෙස.....

                                       

Monday, July 16, 2012

අඳුර

මරන බිය කුරිරු කම හාත්පස අරක්ගත්
ලේයින් කඳුලින් පිරුනු නිමල වු භුමියේ
ලබනු ලෙස සිප්සතර යදිනු ලෙස ජීවිතය
අදුරු සිර බිම් ගෙයද උරුම කල සරසවිය.....
   
    පැතු නමුත් මල් පියලි අතුල වු මාවතක්
    පිය තබනුයේ ලේයින් වැකුනු මල බිම් කඩක්
    හඬ නගා කියන්නට හඬ නගා අසන්නට
    ඇත දවල මරනයම අපේ දුක අසන්නට......

පෙනෙනු නැත කෙලවරක්
යුක්තියෙහි මායිමක්
ගෙවාලනු පිනිස
ලේ බිඳුවකට ණය බරක්.....

Tuesday, June 19, 2012

නුඹ

අරුමයක් නුඹ අරුමයක්
සිහිනයක් නුඹ සිහිනයක්
කිසිදාක නෙතු අසල නො‍රැ‍ඳෙන
හසඟනක් නුඹ හසඟනක්.....

රෑ පුරා නිදි යහන මත වැද
දකිමි ගෝමර පිරුනු නුඹෙ වත
විඳින්නට මුදු සිනිඳු සුව ලැම
වුව මැනේ සිහිනයක් රෑ කල........

ආදරය මායාව තුල ගිලි
සුසුම් සයුරු තෙර හුදකලාවෙහි
උන්මතෙකු ලෙස නෙතු අයාගෙන
කුමට හිඳිමිද නුඹ ලබන්නට........
                     
                                              



                                               

Thursday, June 14, 2012

නොමියන ආදරය

දෙනුවන් පරයා
දරුවන් ‍රැකගත්
දෙවෙනි බුදුන් වු අපෙ අම්මා
සදා වදින්නම් නුඹේ දෙපා මුල
නුඹේම කුලුන්දුල් පුතු වීලා ...//

නැතිමුත් අහරක් කුසට නුඹේ
නැතිමුත් සෙවනක් හිසට නුඹේ
සැදුවා මාවත සැදුවා ලෝකය
නුඹේ පුතුට පෙරදා අම්මේ ...//

ශිල්ප සතර නිම
කරදන්ඩු උස් වී
මහතෙකු වුවත් මා අම්මේ
ලබනට උණුසුම නුඹේ ලැමට වී
පැමිනෙන්නෙමි නුඹ වෙත අම්මේ... //

                                                       (written by hasith rangika nanayakkara yapa) 

Wednesday, June 13, 2012

අහිමි දිවිය

වසත් කල
මලින් බර
සුකෝමල සරසවිය
              
                          රිදුම් දෙය් දෙනුවනට
                          එතෙර ගං මහවැලිය
                          ලද නමුත් ඒ දිවිය
                          ජීවිතය විදගන්න
                          උරුම වුනි සැමදාම
                          කලුවරට වි ඉන්න