අමාවක සළුපටින් වැසුනු ඒ සඳ මඬල
මෝදු වී පැමිනේද සිකුරු දින අහස් කුස
අඳුරු වු සළු පටේ තරු පොකුරු රටාවට
පරයන්න බෑ නුඹේ දිගු නීල නෙත් කැල්ම....
සඳේ රුව විඳි නමුත් සඳට ලංවනු කෙසේ
සිතිජ ඉම බෝ දුරයි නිමක් නම් නොව පෙනේ
සම්මතය ජීවිතය එක්ව යන මවතේ
සිතනු බෑ සොඳුරියේ අසම්මත ආදරේ....
ෂා! හරිමම ලස්සනයි සහෝ..අවසාන පේලියෙන් නියමෙටම හැඩ වෙලා පදටික!
ReplyDeleteගොඩක් ස්තුති ඔයාට .ඔයට තේරුනා නේ මොකක් ගැනද ලියලා තියෙන්නේ කියලා..
ReplyDeleteඅසම්මත වු නමුදු
ReplyDeleteසඳුට බැඳි ආදරය...
හිරු කුමරු දිවි හොවයි
සිතේ රැදි උමතුවට
එහෙන්,
සිටින් සොහොයුර
බිදක්
අවසන්ය අමාවක
තවත් එක් දිනකින්ම...
එහෙත් සොයුර කෙසේ සිතම්ද ඒ අමාවක අඳුර එක් පුර සඳ එලියෙන් මැකී යයි කියා
Deleteපර්දාව සොරගත්
ReplyDeleteඇගේ පෙමිබර කවිය
හැකිවෙද කවදාක
සිතැගි ලෙස මුමුණන්න...
මුමුනන්න සිතැඟි ලෙස ඇගේ පෙම්බර කවිය
Deleteසිතනු බෑ කිසිදාක අසම්මත පෙම් ලොවක!!!!
හරිම ලස්සනයි.. ජය වේවා...
ReplyDeleteබොහොම ස්තුතියි!!
Deleteනිදන සයනේ
ReplyDeleteමුනින් තලාවට
යෙහෙන්
වැජබෙන
තිසර තන
යුග
පොවයි මී
විත
රුදුරු දන
හට ...............
රැයේ පුරහද
ගෙනෙයි
අම පැන්
නග්න සිරුරට
එත් .............
සිත නුබේ
වේලි යයි
පුර හදින්
කළුවර ...........
සහොදරයා ලස්සනයි අදහස.....
Delete