Tuesday, August 28, 2012

පුර හඳ කළුවර....

ඉදිකඩ පසුකර ගොම්මන් කළුවර
ගෙට ගොඩවෙනවා පෑල දොරින්
ගෙපැලේ කෙලවර ඉනිවැට අයිනේ
අම්මේ නුඹ තාමත් තනියෙන්....

කුප්පි ලාම්පුව දිලුනත් ගේ මැද
සඳකැන් වැ‍ටුනත් වහලෙන් ගෙබිමට
ඔහු නැති ගේ ඇති පුර හඳ කළුවර
මකා දමනු බෑ ආවත් පුර සඳ....

පාළු ගොයම ඉකි බිඳිමින් හැඬුවට
රෑ දාවල් නුඹ දෑස රිදෙව්වට
ලනු ඇඳ උඩ හිඳ අප සනසන්නට
එන්නේ කළුවර විතරයි හවසට....

10 comments:

  1. :( :( මේක දුකයි! ඒත් ලස්සනයි!

    ReplyDelete
    Replies
    1. ඔව් ඒත් මේක තමයි සමහර පවුල් වල දුක්බර කතාව....

      Delete
  2. දුක්බර කවියක්.ලස්සනයි.නියමයි.

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි සහෝදරයා.ඔව් දුක හිතෙන කවියක්

      Delete
  3. නියමයි මචන්...

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මචන්....
      දීර්ඝායු වේවා රජ තුමනි!!!!

      Delete
  4. හ්ම්ම්ම් හිතට දෙනුනා.................

    ReplyDelete