Wednesday, August 22, 2012

අසම්මතය....

අමාවක සළුපටින් වැසුනු ඒ සඳ මඬල
මෝදු වී පැමිනේද සිකුරු දින අහස් කුස
අඳුරු වු සළු  පටේ තරු පොකුරු රටාවට
පරයන්න බෑ නුඹේ දිගු නීල නෙත් කැල්ම....

සඳේ රුව විඳි නමුත් සඳට ලංවනු කෙසේ
සිතිජ ඉම බෝ දුරයි නිමක් නම් නොව පෙනේ
සම්මතය ජීවිතය  එක්ව යන මවතේ
සිතනු බෑ සොඳුරියේ අසම්මත ආදරේ....

10 comments:

  1. ෂා! හරිමම ලස්සනයි සහෝ..අවසාන පේලියෙන් නියමෙටම හැඩ වෙලා පදටික!

    ReplyDelete
  2. ගොඩක් ස්තුති ඔයාට .ඔයට තේරුනා නේ මොකක් ගැනද ලියලා තියෙන්නේ කියලා..

    ReplyDelete
  3. අසම්මත වු නමුදු
    සඳුට බැඳි ආදරය...
    හිරු කුමරු දිවි හොවයි
    සිතේ ‍රැදි උමතුවට
    එහෙන්,
    සිටින් සොහොයුර
    බිදක්
    අවසන්ය අමාවක
    තවත් එක් දිනකින්ම...

    ReplyDelete
    Replies
    1. එහෙත් සොයුර කෙසේ සිතම්ද ඒ අමාවක අඳුර එක් පුර සඳ එලියෙන් මැකී යයි කියා

      Delete
  4. පර්දාව සොරගත්
    ඇගේ පෙමිබර කවිය
    හැකිවෙද කවදාක
    සිතැගි ලෙස මුමුණන්න...

    ReplyDelete
    Replies
    1. මුමුනන්න සිතැඟි ලෙස ඇගේ පෙම්බර කවිය
      සිතනු බෑ කිසිදාක අසම්මත පෙම් ලොවක!!!!

      Delete
  5. හරිම ලස්සනයි.. ජය වේවා...

    ReplyDelete
  6. නිදන සයනේ
    මුනින් තලාවට
    යෙහෙන්
    වැජබෙන
    තිසර තන
    යුග
    පොවයි මී
    විත
    රුදුරු දන
    හට ...............
    රැයේ පුරහද
    ගෙනෙයි
    අම පැන්
    නග්න සිරුරට
    එත් .............
    සිත නුබේ
    වේලි යයි
    පුර හදින්
    කළුවර ...........

    ReplyDelete
    Replies
    1. සහොදරයා ලස්සනයි අදහස.....

      Delete