Monday, November 4, 2013

කරදිය කුසුම......

මේ දිගු ගමනේ උඩරට මැනිකේ
රුහුණට යනවද අද කලියෙන්
ඇගේ සිනා මුව යලි දැකගන්නට
සිව් මසකට පසු නිවාඩුවෙන්....
මුහුදු සුලං පොල් රුප්පා පසුකර
හමා ඇදී යන සයුරු කොදෙව්වක
අගේ පැලේ හිඳ අද මා එනතුරු
ඇඟිලි ගනිනු ඇත ඉදිකඩ මත හිඳ....
මිහිරි සිනා ‍රැඳි මුදු කම්මුල් මත
විලවුන් තවරයි කරදිය මද නල
විල්ලුද නො එලූ ඇය යන මාවත
මුදු වැලි කැට ඇත දෙපා තබන්නට....

2 comments:

  1. //මිහිරි සිනා ‍රැඳි මුදු කම්මුල් මත
    විලවුන් තවරයි කරදිය මද නල//

    එහෙම තමයි. කොච්චර සුවද වර්ග තිබුණත් පුරුදු සුවද කියන දේ කවදාවත් අමතක වෙන්නෙත් නෑ. ඒකට සමාන කරන්න පුළුවන් තවත් සුවදකුත් නෑ. ඒ මග බලාන ඉන්න හදවත කොච්චර නම් වේදනාවක් උහුලනවා ඇත්ද ? ඔබ එය දකින ආකාරය ඉතාම නිර්මාණශීලීයි...............

    ReplyDelete
  2. ස්තුති බොහොමයක් ඔබේ දිරිමත් කිරීමට.ආදරයේ සුවඳ අමතක නොවේ කෙතරම් දුර වෙන් වී ගියද .

    ReplyDelete