Saturday, November 2, 2013

තො‍ටුපලට අමතක ඇය....

තො‍ටුපොලට අමතකද නුඹෙන් සමුගත් ඔරුව
නුඹ සමග උදෙ හවහ දොඩමළුව ආ ගියපු
උලලේනි හඬනා අමාවක පෝය දා
නුඹෙන් වෙන්වුනා ඇය අයෙ එමි යයි කියා....
නුඹේ වෙත ඇදෙන නුඹෙන් වෙන් වෙලා යන
ඔරු පාරු බොහොමයක් ඇත නීල ගං දියඹ
නුඹට ඇය මතක නැත අරුමයක් නොවනු ඇත
වෙන් වුනේ ඇය සමග මගේ ඉඳුනිල් මැනික....

4 comments:

  1. හරිම ලස්සනයි සිහින,

    පද කීපයකින් උපරිම හැගීමක් කැටි කරලා තියෙනවා. ඔබේ නිර්මාණ හරිම අගෙයි. අපේ ප්‍රණාමය

    ReplyDelete
  2. ස්තුති බොහොම ඔබට ඔබේ දිරිමත් කිරීමට

    ReplyDelete
  3. අපූරු සිතුවිල්ලක්.. ලස්සනයි..

    ReplyDelete