Sunday, August 4, 2013

සිරි සිරි පොද.....

සියක් ගව් පසු කරන්
එකපෙලට එක දිගට
අලුත් අතු සෙවිලි කල
මගේ පැල් කොටය මත
ඇද වැටී දින ගනන්
රාත්‍රී පුරාවට
තව තවත් සිරිබිරිය
නැවතුමක්  නැද්ද හෙට......

ඇලේ වක්කලම ලඟ
දෝරෙ යන වතුර කඩ
සොරෙකුගේ නියාවෙන්
බසී මගෙ කුඹුර වෙත
උදළු කෙටියත් අරන්
සටනකට සැරසෙන්න
සක්මනේ පිය නගමි
පහල ඇල කන්ඩියේ.....

1 comment:

  1. උදලු කෙටිය ප්‍රමාණවත් වේවිද වැඩේට

    ReplyDelete