Thursday, August 22, 2013

හුරු පුරුදු ඇසල සඳ යට....

පුතේ නුඹ අද මගේ ලඟ නැත
අතේ එල්ලී පිය නගන්නට
සැරයටිය ඇත වාරුවන්නට
දෙනෝ දහසක් යනෙන මග මැද...
පුරුදු ලෙසටම ඇසල මස රෑ
ඇසල පෝයට ඇසල සඳ යට
නුවර වැව ලඟ ඇසල පෙරහැර
නැරඹුවෙමි මම නුඹට පින් ඇත....
අදත් පෝයට ඇසල මස මැද
පුරුදු හඳ යට පුරුදු විදියට
නෙතු යොමාගෙන දුරක හිඳගෙන
සමිඳු වඳිනෙමි දුරට නොපෙනෙනෙ....

No comments:

Post a Comment