Monday, December 29, 2014

පුදමි නුඹෙ පා සයනෙ අමාවක තරු පොකුරු....

කඩුල්ලේ අද්දරට බිම් අඳුර ගලනකොට
දර දුමට රතු වෙච්ච දෙනෙත නිදි කරවන්න
හාංකවිසියක්වත් මතක නෑ අම්මාට
ගුරු පාර ලඟ ගෙදර මම දකින තුරු දුරට

මුරුගසන් වැසි අකුණු පුපුරාන හැලෙද්දී
සීතලට ඇඟ ලෝම බියයි මට කියද්දී
කාත් කවුරුවත් නැත සිතට මගෙ දැනෙද්දී
නුඹේ උණුසුම සොයා එමි අඳුර ගලද්දී

අමාවක දාට නැත සඳ රටා රිදී සුනු
දම් පාට අහසෙ ඇත රන් පාට තරු පොකුරු
අත දිගට නැති නමුත් රන් රිදී මුතු පබළු
පුදමි නුඹෙ පා සයනෙ  අමාවක තරු පොකුරු.....

1 comment:

  1. ලස්සනයි ආඩම්බරයි ඔයා ගැන

    ReplyDelete