Saturday, March 22, 2014

තනිව ඈ

ඇය නිදන සොහොන මත
රඟයි ඉටි පහන් සිළු
මෙරු ඇදෙයි සොවින්
ඇය නිදන රළු යහන වෙත
තවම මල් වඩම මත
රෝස මල් සිනහ ඇත
ගුරු පාර මත තවම
වැ‍ටුණු පොරි රටා ඇත
නුඹ සමග මෙහි පැමිණි
යහළු නෑ පිරිස කොහි
ඇතැම් උන් සිහි විකල් වී
පොළොව සිඹිනු ඇත
නුඹේ තනියට නුඹේ ලඟම
වැද හිඳින්නට
ඉටි පහන වෙත ඇදෙන
 මෙරුන් පමණද ඇත්තෙ
අහස ගුගුරා කඳුළු හෙලන්නට
ගත් කලෙක
දමා යයි පහන් සිළු දැන් නුඹේ
වට රඟන
අඳුරු වී ඇති කලෙක
නුඹ නිදන අඳුරු ගැබ
සොයා පැමිනේද
සෝ බරින් පිරි මෙරුන් කැළ....

2 comments:

  1. //සුසානය නො වේ අවසන
    තිඹිරි ගෙය නො වේ ඇරඹුම
    මරණය දිගු ගමනක
    නවාතැන්පොළක් පමණ ය// - මහගම සේකර

    ReplyDelete