Monday, March 31, 2014

රොබරෝසියා

ගිනි වැදී දැවෙන සත් කුළු පව්ව
දැක හිනහෙන රොබරෝසියා
සුවඳ නොම දී දෙනෙත් ඇදගෙන
විකසිතව හිනහෙන
වසන්තය ඇවිත් දිගුවැලි
ගං තෙරට...
රෝස දම් පෙති වසන මං සොයා
ගත නොහී වල් මත් වූ කලෙක
රොනට යන බඹර කැළ සේ
බමන හිස් ඇතිව
පොතෙන් සිත දුරක ගෙන
දිව යයි සිප් බිම පුරාම....
රත් පැහැ ගිනියම් අහස් කුස
අකම්පිත ඇයි මියෙන
තණපත් දැක ඔහොම
රොබරෝසියා පෙති සැලෙන
දුකටද
නොම සළනුයේ   නුඹේ
සිසිල් කඳුලු බිඳු ගොන්න....

7 comments:

  1. අපුරු නිර්මාණයක්.. :)

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ගොඩක් අදහසට

      Delete
  2. //මිතුර නුඹ බිහි වුණා
    නො වේ තුඟු අතුපතර
    සබඳ නුඹ ඉපදුණේ
    වියළි කොළ රොඩු අතර// (රොබරෝසියා වෙනුවෙන් ලියවුණු කවියක කොටසක්)

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ගොඩක් අදහසට

      Delete
  3. ඇත්තටම ලස්සනයි..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ගොඩක් අදහසට

      Delete
  4. රොබරෝසියා වගේම කවියත් ලස්සනයි

    ReplyDelete