අවන් හල බංකුවක
දුරම ඇති කෙලවරක
පාළුවට හිඳ තනිව
කහට උගුරක් සවස
පවස නිවනට දවස
තොලගාන මොහොතකට
දුටිමි තව කෙලවරක
සිටින ඔබ ඔහු සමග....
අළුත් පුසුඹෙන් සදිසි
කමිස කලිසම් පැලඳ
තෙපලමින් නුඹ සමග
පෙම් වදන් උජාරුව....
සිසිල් පැන් සමග තව
නොයෙක් රස පිරුණු සොඳ
මේසයම පුරාවට
නුඹටමද සොඳුර ඔය...
මා සමග අදත් නුඹ
සිටිය නම් මෙතන හිඳ
සීනි අඩු තේ උගුර
උරුමයකි හැම සවස....
Saturday, November 30, 2013
Friday, November 29, 2013
කවියෙකුගේ ශෝකාන්තය....
ලියූ කවි පද තවම තරුණයි
හුදෙකලා වූ දිළිඳු මා නම්
ලියූ කවි තරමටම මහළුයි....
දහස් දන මුව අගින් රැව් දෙන
මගේ දිවියේ දූක් සුසුම් බිඳු
රැගෙන යයි මද පවන අද හැමු
මතින් මා ලෙඩ ගතින් වැතිරුණු....
Wednesday, November 27, 2013
කාලයේ වැලි තල....
කාලයේ වැලි තලා අතරට
ඇය ගියා මා සිතින් සමුගෙන
මටම මාවද අහිමි කර නුඹ
දුරස් වූයේ ඇයිද මේ ලෙස....
අදත් නොදනිමි ගියේ කොතැනද
නුඹ කොහේදෝ කුමක් කරනුද
නුඹේ මතකය හිතේ හිරකර
විඳවන්නෙ මා මගේ දිවියම....
නටඹුන්ව ගිය ඒ අතීතයෙ
ඇයයි සිහිවටනයක මා සතු
කැඩුනු වදනින් නුඹ අසන හඬ්
ඇසේවිද දුර වැලි තලාවට....
ඇය ගියා මා සිතින් සමුගෙන
මටම මාවද අහිමි කර නුඹ
දුරස් වූයේ ඇයිද මේ ලෙස....
අදත් නොදනිමි ගියේ කොතැනද
නුඹ කොහේදෝ කුමක් කරනුද
නුඹේ මතකය හිතේ හිරකර
විඳවන්නෙ මා මගේ දිවියම....
නටඹුන්ව ගිය ඒ අතීතයෙ
ඇයයි සිහිවටනයක මා සතු
කැඩුනු වදනින් නුඹ අසන හඬ්
ඇසේවිද දුර වැලි තලාවට....
Saturday, November 23, 2013
සැන්දෑවේ පිපි තඹරු....
සැඳෑ සක්මන් කරන අඳුරට
වහන් වී වැව් ඉහත්තාවේ
තොටුපලේ දිය රටා සිපගත්
මදාරා මල් කැකුළ නුඹ නම්....
පිපි තඹරු මත වැටුණු පිණි කැට
පිරිමදින ලැම සියොලඟම මත
දිලෙයි කරලන මුතු දෙපොට ලෙස
රිදී එලියෙන් වැටුණු ඉරගල....
වලාකුළු සළු සේලයෙන් වට
සඳ මඩල වැව් ඉහත්තාවේ
හනික දිය නා ගොඩට පලයන්
පැහැදි නිල් දිය කැලඹෙන්න පෙර....
වහන් වී වැව් ඉහත්තාවේ
තොටුපලේ දිය රටා සිපගත්
මදාරා මල් කැකුළ නුඹ නම්....
පිපි තඹරු මත වැටුණු පිණි කැට
පිරිමදින ලැම සියොලඟම මත
දිලෙයි කරලන මුතු දෙපොට ලෙස
රිදී එලියෙන් වැටුණු ඉරගල....
වලාකුළු සළු සේලයෙන් වට
සඳ මඩල වැව් ඉහත්තාවේ
හනික දිය නා ගොඩට පලයන්
පැහැදි නිල් දිය කැලඹෙන්න පෙර....
Wednesday, November 20, 2013
ආගන්තුක සුලඟ....
මං මුලා වූ මන්ද මාරුත
ලැගුම් ගෙනදෝ දුරක හිඳ විත්
ඇගේ කුටියේ දොර කවුළු ලඟ....
ඇයට ආගන්තුක සුවඳ ගෙන
වියලි ගිනිකඳු මතින් ඇවිදින්
නිසල සිත ඇගෙ සසල කරවයි
කුමරි බඹසර පවුරු සිඳ බිඳ....
නුඹත් නොදනී කව්ළුවෙන් පිට
ගලා යන මුදු මන්ද මාරුත
කොහේදෝ සිට කොතැනකටදෝ
හමා යන්නේ මල් සුවඳ ගෙන....
Tuesday, November 12, 2013
රතු හැට්ටකාරි.....
හැන්දෑවට හැමදාකම
බස් නැවතුමෙ මේ වෙලාව
නුඹ එනකන් මග බලමින්
සිටියා මම පැය ගනනක්
ලැමටම තද රතු හැට්ටය
රෝස පාට නුඹෙ කම්මුල
රතු කරගත් නුඹෙ දෙතොලඟ
සුර ලොවකින් ආපු විලස
බඳ නලවන ලැසි ගමනට
හද නලවයි නුඹ යන මග
එනමුත් නුඹ අත ගන්නට
කිසිවකු නැත සෙයිලම ලඟ....
බස් නැවතුමෙ මේ වෙලාව
නුඹ එනකන් මග බලමින්
සිටියා මම පැය ගනනක්
ලැමටම තද රතු හැට්ටය
රෝස පාට නුඹෙ කම්මුල
රතු කරගත් නුඹෙ දෙතොලඟ
සුර ලොවකින් ආපු විලස
බඳ නලවන ලැසි ගමනට
හද නලවයි නුඹ යන මග
එනමුත් නුඹ අත ගන්නට
කිසිවකු නැත සෙයිලම ලඟ....
Monday, November 11, 2013
වසන්තයක හැර යාම.....
වසන්තයෙ මෙන් අද රැඟුම් නැත
මද පවන් රැල්ලේ
අතරමං වී ඔහේ දිව යයි
ප්‍රේමයේ නටබුන් මතින්....
නුඹ සමග හිඳ හදවතට ලඟ
නුඹෙ සිසිල ගෙන නුඹෙ සුවඳ විඳ
මීදුමෙන් පිරි ඈත රට දැක
නිකම ගියෙ ඇයි වසන්තය නුඹ....
මද පවන් රැල්ලේ
අතරමං වී ඔහේ දිව යයි
ප්‍රේමයේ නටබුන් මතින්....
නුඹ සමග හිඳ හදවතට ලඟ
නුඹෙ සිසිල ගෙන නුඹෙ සුවඳ විඳ
මීදුමෙන් පිරි ඈත රට දැක
නිකම ගියෙ ඇයි වසන්තය නුඹ....
Friday, November 8, 2013
අපේ ගෙදර සුරංගනා ලෝකෙ වගේ....
පොල් අතු ගෙයි වහල යටින්
රිදී කිරණ රිදී පාට
සුරංගනා ලෝකෙ වගෙයි....
වැස්ස දාට බක් මහ මැද
සිරි සිරි පොද වහලෙ ඉඳන්
අළුත ගාපු මැටි බිම මත
එක දිගටම එක දිගටම....
එදාට මම ලණු ඇඳ උඩ
අම්මා ලඟ වාඩි වෙලා
දෙව් ලොව ගැන කතා ඇහුවා
තාත්තා ගැන හිතේ මවා....
Wednesday, November 6, 2013
අනවසර පාරාදීසය.....
ගැහෙන හදවත් ආලයෙන් සැදි රාගයෙන්
ගැඹුරු හුස්මට නුඹෙ සුසුමකට ලං වෙමින්
මොහොතකටවත් ක්ශිතිජයට දුර ගොස් ඉතින්
ආලයේ රස විඳිනු කෙලෙසද ලං වෙමින්....
මහවැලිය මත දෙපා රඳවා
උහුලන්න බැරි වියවුලෙන්
බලා හිඳිනෙමි නුඹෙ සුසුම් ලඟ
අනවසර තුරු වැල් දුරින්....
නුඹට සුපුරුදු අනන්තය වන් මේ ලොවේ
පවුරු බැඳ ඇත ආලයට සැම මායිමේ
නුඹම ලද මුත් වසන්තය මේ පෙම් බිමේ
කිරුළු නොපලන් කුමරු මම නුඹෙ යෞව්වනේ....
ගැඹුරු හුස්මට නුඹෙ සුසුමකට ලං වෙමින්
මොහොතකටවත් ක්ශිතිජයට දුර ගොස් ඉතින්
ආලයේ රස විඳිනු කෙලෙසද ලං වෙමින්....
මහවැලිය මත දෙපා රඳවා
උහුලන්න බැරි වියවුලෙන්
බලා හිඳිනෙමි නුඹෙ සුසුම් ලඟ
අනවසර තුරු වැල් දුරින්....
නුඹට සුපුරුදු අනන්තය වන් මේ ලොවේ
පවුරු බැඳ ඇත ආලයට සැම මායිමේ
නුඹම ලද මුත් වසන්තය මේ පෙම් බිමේ
කිරුළු නොපලන් කුමරු මම නුඹෙ යෞව්වනේ....
Monday, November 4, 2013
කරදිය කුසුම......
මේ දිගු ගමනේ උඩරට මැනිකේ
රුහුණට යනවද අද කලියෙන්
ඇගේ සිනා මුව යලි දැකගන්නට
සිව් මසකට පසු නිවාඩුවෙන්....
මුහුදු සුලං පොල් රුප්පා පසුකර
හමා ඇදී යන සයුරු කොදෙව්වක
අගේ පැලේ හිඳ අද මා එනතුරු
ඇඟිලි ගනිනු ඇත ඉදිකඩ මත හිඳ....
මිහිරි සිනා රැඳි මුදු කම්මුල් මත
විලවුන් තවරයි කරදිය මද නල
විල්ලුද නො එලූ ඇය යන මාවත
මුදු වැලි කැට ඇත දෙපා තබන්නට....
රුහුණට යනවද අද කලියෙන්
ඇගේ සිනා මුව යලි දැකගන්නට
සිව් මසකට පසු නිවාඩුවෙන්....
මුහුදු සුලං පොල් රුප්පා පසුකර
හමා ඇදී යන සයුරු කොදෙව්වක
අගේ පැලේ හිඳ අද මා එනතුරු
ඇඟිලි ගනිනු ඇත ඉදිකඩ මත හිඳ....
මිහිරි සිනා රැඳි මුදු කම්මුල් මත
විලවුන් තවරයි කරදිය මද නල
විල්ලුද නො එලූ ඇය යන මාවත
මුදු වැලි කැට ඇත දෙපා තබන්නට....
Saturday, November 2, 2013
තොටුපලට අමතක ඇය....
නුඹ සමග උදෙ හවහ දොඩමළුව ආ ගියපු
උලලේනි හඬනා අමාවක පෝය දා
නුඹෙන් වෙන්වුනා ඇය අයෙ එමි යයි කියා....
නුඹේ වෙත ඇදෙන නුඹෙන් වෙන් වෙලා යන
ඔරු පාරු බොහොමයක් ඇත නීල ගං දියඹ
නුඹට ඇය මතක නැත අරුමයක් නොවනු ඇත
වෙන් වුනේ ඇය සමග මගේ ඉඳුනිල් මැනික....
Subscribe to:
Posts (Atom)