Sunday, May 19, 2013

නියං කලුවර....


දුර ඈත අහස් කුස
පුරා ආඩම්බරෙන්
හිරුමඩල වසාගෙන
මගේ ඇස් රවටමින්
නුඹ ඉතින් හිනහෙයන්
මගෙ කඳුලු බලාගෙන
නියං කලුවරේ ඇයි
මෙතරම්ම නුඹ නපුරු....
මාසේ අන්තිම වෙන්න
ණය තුරුස් ගන්න එන
එව්න්ගේ වාගෙමයි
නුඹෙ මූන ගොම්මනට
එකවරක් හඬාපන්
නුඹෙ කඳුලු වගුරවන්
සත්මසක් නියං කල
එක දිනට සනසපන්....

4 comments: