Friday, September 7, 2012

යමපුරක් නොවූ සුරපුරය....

තෙමාලනු පිණිස ගිනි කතරකට වැහි පොදක්
සඳ වසා පැමිනෙන්න ලොවට දී ගනඳුරක්
නොමිනිසුන් වසන මේ සුරපුරට තව වරක්
පායන්න නම් එපා උදා හිරු කිසි ලෙසත්....

කාසිවල පහසකට අත වනන ආදරය
ඇත වීදි කෙලවරක ඇස ගැ‍ටුනු සැම තැනක
මත් කමෙන් රාගයෙන් උමතු වු යෞව්වනය
පන යදී තව තැනක විලි බියද නැති ලෙසක...

සුරපුරක් නොව්නමුත් වන වැදුනු බැද්දෙගම
සිසිලසකි දිවි කතර අමා පැන් ගෙන තෙමන
මාලිගාවක සැපත නැති නමුත් අතු පැලක
නුඹෙ සුවඳ ඇත තවම කුඩා කල මට දැනුනු....

8 comments:

  1. අපුරුයි මිතුර ජය වේවා ******

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුති මාව දිරිමත් කිරීමට

      Delete
  2. අන්තිම පද දෙකට මම ගොඩක්ම කැමතියි.
    හරි අපුරුයි!

    ReplyDelete
  3. There is a quote, "money cannot buy happiness"...that is really true.. but again there is another quote "though money cannot buy happiness it is comfortable to cry in a Mercedes than crying on road.." :)

    nice one..

    ReplyDelete
    Replies
    1. thanks ya you are totally correct.the life which is full of obstacles.its not easy.money is also a essential part,bt money is not all.its just a matter of thing that we handle only to support our lives to go .other than money we have lot.

      Delete