Thursday, September 27, 2012

සිරකරු.....

අඳුර අතහැර යන්න එලියට
ධවල මරණය අත වනයි මට
ඒත් කොහොමද යන්නේ එලියට
කරපු පාපය ඉවර නෑ තව....

සිරුර වෙලමින් දැවුනු ගිනිදැල්
දෙපා දොවමින් ගැලූ රතු ලේ
දිවා අඳුරක සැඟව ගත් කල
යන්නෙ කොහොමද අඳුර අතහැර....

අන්ධ යුක්තිය සිර ගෙදර දොර
මග බලයි හිස නමා එනතුරු
ලෙයින් යකඩින් ලොව තැනෙන තුරු
විඳිමි පාපය එලිය එනතුරු....

10 comments:

  1. පව් කිලා හිතෙන ලස්සන පදවැල් ටිකක්.

    ReplyDelete
  2. පොර පවක් කරපු එකෙක් කියල පිලි ගන්න නිසා වීරයෙක් නෙවේ කියල තමයි මට හිතුනේ..

    ReplyDelete
  3. අහ් නෑ මචන් පොර හිතන්නේ තමන් මෙච්චර දුකක් විඳින්නේ ඇයි කියල.එතකොට හිතෙන්න අති දෙයක් .ස්තුති මචන්

    ReplyDelete
  4. ලස්සනයි සහෝ..

    ReplyDelete
  5. කවුරුත් නොදකින තවත් එක යතාර්තයක් පුන්චි පද වැල් ටිකක ගොනු වෙලා....

    ReplyDelete
  6. හ්ම්ම්..හොඳ ගැලපීමක්.
    ඔබට ජය!

    ReplyDelete