Tuesday, August 7, 2012

දෙවියන් ඔබමයි මගේ අම්මේ....

පෙරලද ජන්මයේ කරලද පිනකට
මාහට මව් සෙනෙහේ ලැබුනා
දෙවියනි නුඹ හට වැඩියෙන් මා හට
මා මව් ‍රැකවරනය දුන්නා....

දසමස කුස තුළ මා ‍රැකගත් නුඹ
රතු ලේ කිරිකර මට පෙව්වා
ඔබ දුන් ශක්තිය ඔබ දුන් ජීවය
මාගේ දිවිමග පණ පෙව්වා....

ඔවදන් දී මා නිසිමග යැව් ඔබ
මා දිවියේ මුර දෙවියන් වු ඔබ
පතනා භවයක පතනා මොහොතක
තුන්ලොව සනසන බුදු වේවා....

2 comments:

  1. හරිම ලස්සනයි.මමත් අම්මට හරිම ආදරෙයි :)

    ReplyDelete
  2. ස්තුතියි ගොඩක් ඔයාට!!!!

    ReplyDelete