Wednesday, August 15, 2012

හිරුට හිමි වී සඳුට පෙම් බැඳ....

ඉකි බිඳින්නට අඳුර එනකන්
මග බලන සි‍ටු කුමරියක වී
තෙමුණු දෑසින් වැටෙන කඳුලින්
 නිවාලන්නද හදක ගිනිදැල්....   

හිරුට හිමි වී සඳුට පෙම් බැඳ
හිරුට හිනහෙන සඳවතිය නුඹ
පතයි අඳුරම සඳක සැනසුම
ලද නමුත් හිරු ‍රැසක උණුසුම....

බිය සැකය කරලියක පි‍ටුපස
චපල චන්චල හදක් රඟදෙන
උන්මතෙකුගේ සුදු කෙලියක
රඟයි ඈ හසඟනක් වී හිඳ....

10 comments:

  1. අපූරුයි මිතුර :)
    දෙවැනි කවියට මම ගොඩක්ම කැමතියි :)

    ReplyDelete
  2. ගොඩක් ස්තුතියි ඔයාට!! එක හිරු සඳු කියලා ගත්තේ අවස්ථා දෙක හොඳට වෙන් කරල පෙන්නන්න පුලුවන් නිසා

    ReplyDelete
  3. lassanayi machn..... danan hitiye na uba blg ekak karanawa kiyala... (Y)

    ReplyDelete
    Replies
    1. thanks machan !!!!ow bn lagadi wade patan gaththe.mama oya liyana ewa danawa bn.

      Delete
  4. හිරුත් වෙලුනි ප්‍රේමයෙන්
    සඳත් පෑවා ඉඟි බිඟි හොරෙන්
    ගතින් හිරු හා එක්ව යා මුත්
    සිතින් සඳු හා බැඳුනි රහසින්..

    ලස්සන කවියක් යාළු.. :)

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි යාළු ඔයාට.ඔයා ලස්සන කවියක් දාලා තියෙන්නේ.....

      Delete
  5. සහෝ..settings ගිහින් posts and comments ගිහින් show word verification NO කරන්න..එතකොට කමෙන්ට් කරන්න ලේසියි..
    ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. හොඳයි යළු මම ඒක කලා දැන් බලන්නකෝ

      Delete
  6. ඔය කවියට අදාල කතාව අහන්න තරම් මම වාසනවන්ත වුනා. අත්තටම හිතාගන්නවත් අමරු ඇත්තම ඇත්ත ආදරයක් කවදාවත් නොලැබෙන දෙයකට....
    හිරුට හිමිවී සදුට පෙමබැද කිවුවාම ඒ කතාව සම්පුර්නයෙන් දකින්න අමාරුයි කියලා මට හිතෙනවා......

    ReplyDelete
  7. සහොදරයා ඔයාගේ අදහස් ගොඩක් වටිනවා.අපිට ජීවිතේ කවදහරි දවසක ඔය වගෙ අත්දැකිම් ලැබෙනවා නේද

    ReplyDelete