Sunday, June 8, 2014

ස්ට්‍රයික් ස්ට්‍රයික්.....

ස්ට්‍රයික් ස්ට්‍රයික් ආයෙමත් ස්ට්‍රයික්
ජීවිතය පසුබසියි තවත් වසරක් දුරට
දැන්වීම් සෑම තැන වසා ඇත සරසවිය
ඇඳුම් මලු පොදි  බැඳන් සවස යමි ගම් රටට

මාළු පිණි කිහිපයක් සමග එක බත් කටක්
රහ බැලූ කාලයක් මතක නෑ මෙහෙදි මං
මිරිස් වැඩියෙන් හොඳට ලුණු දමා ඇති පමණ
ඇඹුල් තියලට මාළු හිඟයි කලු නික පමණ

අතු බැඳල ගෙයි වහලෙ අදට අවුරුදු තුනයි
වැහි දාට ගේ ඇතුලෙ එකම මඩ ගොහොරුවයි
කාට හොඳ නැති වුනත් ස්ට්‍රයික් මට හොඳයි
ගේ වහලෙ අතු බැඳල ආයෙමත් ආ හැකියි....

3 comments:

  1. ඔවුවා ඉතින් ඔහොම තමා බං..

    ReplyDelete
  2. කොහෙද ඉතින් අපට එහෙමවත් ස්ට්‍රයික් එකක් ගෙදරවත් ගිහින් එන්න :-) නේද හසිත්..

    ReplyDelete