Friday, October 4, 2013

රැඟුම....

මද පවන් වැද සැලෙන
පහන් සිල කළුවරක
සේ සැලෙන වත කමල
රඟ මඩල මත දිලෙන
දෙනෙත ඉවතට නොගෙන
නුඹේ රූ සයන මැද
සතපවන දහසකුත් එකක් නෙත්
රාත්‍රියට....
විදුලි සැර වැදුණු කල
මෙන් බමන සිත සසල
මදුවිතින් සනසමින්
නෙතු යොමමි දුරක හිඳ.....

2 comments:

  1. ජනප්‍රිය චරිත වලට දක්වන ආකර්ෂණය සැබවින්ම ආදරයක් විය හැකිද?

    ReplyDelete
  2. මෙම කවි පෙලහි දැක් වනුයේ තමාගේම සොඳුරිය රාත්‍රිසමාජ ශාලාවක රඟන විට ඔහුට ඇතිවන හිත් තැවුල පිලිබඳවයි

    ReplyDelete