Saturday, October 26, 2013

උයන් සක්මන්....

නුඹත් ඇවිදින් අදත් උයනට
පිය මනින්නට දෑත පටලා
ඔහුත් සමගින්
උයන් සක්මන්
නුඹට මා අමතකද මන්දා....
හුදෙකලා අසුනකට බරවී
රිදී හිරු ඉරගල වටෙද්දී
උයන් කෙලවර ගං තෙරට වී
පද බඳිමි පන් හිඳට කැපවී....
සිනිඳු ගෝමර සදිසි මුදු ලැම
ගැල් සකක් වැනි පුලුල් බඳ ඇගෙ
ලෙසින් රසවත් කරන කවියක
නුඹයි හසඟන එදා වෙන්වුණ....

3 comments:

  1. උයන් කෙලවර ගන් තෙරට වී
    පද බදිමි පන්හිදට කැපවී........

    ලස්සනයි හසිත්.

    ReplyDelete