Saturday, September 7, 2013

පිය සටහන්....

ආයෙමත් ගඟ දෝරෙ ගලලා
ඊයෙ රෑ වට මේග වැස්සට
තුරු මඩුළු යට හුදෙකලා කම
ගඟ හොරා ගෙනිහින්ද මන්දා....
වැහි හුලං මහවැලිය කළඹන
හමා යද්දී නුඹ සමග මම
ගං තෙරේ හිඳ තැබූ පියමන්
කොහෙ ගියාදෝ මාව තනිකර....
ගඟට පාළුව දැනුනෙ නම් නැත
නුඹ සමග මා ආවෙ නැතිවද
ඒත් ගං තෙර ළතා ගොමු මැද
වෙන අයෙකු ඇත නුඹේ අත ගෙන....

4 comments:

  1. හ්ම්+++ අත්විඳපු විඳීමක්...

    ReplyDelete
    Replies
    1. මම නම් නෙවේ නමුත් මම ඔනෙ තරම් මේ සිදුවීම අත්විඳල තියන අය දන්නව

      Delete