Saturday, May 4, 2013

බලා හිඳිනු මිස කුමක් කරන්නද....


අඳුරට කලියෙන් හිරිපොද වැ‍ටුනට
එන්නේ කොහොමද නුඹ කලියෙන්
ගල් මෝලේ වැඩ අහවර නෑ තව
ගෙදරට එන්නට වේල පහින්.....

ගල් බෝරේ හෙණ පුපුරණ සද්දෙට
හදවත පුපුරයි නුඹ ගැන හිත හිත
ලෙඩ ඇඳ උඩ හිඳ ඔහේ බලාගෙන
දෙවියන් යදිනෙමි නුඹ ‍රැක දෙනු ලෙස.....

6 comments:

  1. මට එකපාරටම මතක් වුනේ “ධීවරී ගීතය“ කවි පන්තිය.එහිදීත් මුහුදු යන සැමියා පිලිබඳව නිවසේ සිට සුසුම් හෙලන කාන්තාවකගේ හදවතේ රාවය කියාපාන්නක්.මෙය එම අනුවාදනයේම තවත් විෂය ක්ෂේත්‍රයක් වෙනුවෙන්.කොහොම වුනත් ඇහෙන්නේ එකම දුක්ඛදායක තත්වය තමයි
    බොහොම ලස්සන හුරුබුහුටි නිර්මාණයක්

    ReplyDelete
    Replies
    1. ඇත්තටම අපිට නිතර දකින්න නොලැබෙන ඒත් දියුණු සමාජය විසින් වසා දමන ලද එක් පැතිකඩක්.අපේ රටේ ගැහැණියකගේ තියන උත්තරීතර කම මින් පැහැදිලි කරන්න මම උත්සහ ගත්තා

      Delete
  2. ලස්සන කවි පෙලක්..

    ReplyDelete
  3. හරිම සංවේදී , තාත්වික නිර්මාණයක්. ඇත්තටම මෙහෙම ඉන්නා කෙනෙක් ගේ සිතුවිළි මේ වගේ නෙ. හදට දනුනා.

    ReplyDelete
  4. මේ සිදුවීම ඇත්තට දැකලා තියෙන නිසා එහෙම ලියවෙන්න ඇති

    ReplyDelete