Thursday, June 14, 2012

නොමියන ආදරය

දෙනුවන් පරයා
දරුවන් ‍රැකගත්
දෙවෙනි බුදුන් වු අපෙ අම්මා
සදා වදින්නම් නුඹේ දෙපා මුල
නුඹේම කුලුන්දුල් පුතු වීලා ...//

නැතිමුත් අහරක් කුසට නුඹේ
නැතිමුත් සෙවනක් හිසට නුඹේ
සැදුවා මාවත සැදුවා ලෝකය
නුඹේ පුතුට පෙරදා අම්මේ ...//

ශිල්ප සතර නිම
කරදන්ඩු උස් වී
මහතෙකු වුවත් මා අම්මේ
ලබනට උණුසුම නුඹේ ලැමට වී
පැමිනෙන්නෙමි නුඹ වෙත අම්මේ... //

                                                       (written by hasith rangika nanayakkara yapa) 

2 comments:

  1. ලස්සනයි මචන්... බොක්කටම වදිනවා.. මම එදත් කිව්වනේ.

    නැතිමුත් අහරක් කුසට නුඹේ
    නැතිමුත් සෙවනක් හිසට නුඹේ
    සැදුවා මාවත සැදුවා ලෝකය
    නුඹේ පුතුට පෙරදා අම්මේ

    ඔන්න ඔහොම තමයි මචන් අම්මල... අනේ මන්ද ඉතින්, අපි නිසා අම්මල නැති කරගන්න ඒ සතුට ඉක්මනටම අපට උපයල දෙන්න පුළුවන් නම්............

    ReplyDelete
  2. ඔව් මචන් අපිට ඒක ඉක්මනට කරන්න පුලුවන් නම් ලොකු දෙයක් බන් ඒත් අපි තාම එක සිමාවකට කො‍ටු වෙලා බන්.කවදා අපිට ලැබේද ඒ නය ටිකක් හරි ගෙවන්න.උඹට ගොඩක් ස්තුති බන් දිපු අප් එකට!!!!!

    ReplyDelete