වලව්වේ වහල
පිරෙන තෙක් ගණට
මකුළුවෝ වියති දැල්
හීන් සීරුවට....
සියක් වස් පැරණි
පරිණාමයේ පුරුක්
මකුළු දැල් වියන් තුල
සදා කල් හිඳිත්....
ඇඳි පුටුවෙ දිග ඇදී
රවුම් ඉස්තෝපුවේ
පයිප්පය උරයි
ලොකු හාමු අඩ නිදිමතේ
වරින් වර අවදි වී
කහියි බොල් බොල් හඬ්න්
හනික ගෙන බෙහෙත් මුළ
පෙති දෙකක් ගිල ගනී...
පපුවෙ හති ගතිය නම්
එන්න එන්නම වැඩී
හාමු නම් නෑ තාම
පයිප්පය අතහලේ
ගමේ දොස්තර ඇවිත්
හැමදාම බැන වදී
හාමු නම් නෑ තාම
පයිප්පය අතහලේ....
මහන්තත්වය හිස මුදුනේම තියගෙන
පරන ඔසරිය ගෙදර දොර දූලි පුරෝගෙන
ලිපේ මුල්ලට වෙලා දවසේම බලාගෙන
මැණිකෙ ඉන්නවා දෑසෙ කඳුලු කැට පුරෝගෙන....