ආයෙමත් ගඟ දෝරෙ ගලලා
ඊයෙ රෑ වට මේග වැස්සට
තුරු මඩුළු යට හුදෙකලා කම
ගඟ හොරා ගෙනිහින්ද මන්දා....
වැහි හුලං මහවැලිය කළඹන
හමා යද්දී නුඹ සමග මම
ගං තෙරේ හිඳ තැබූ පියමන්
කොහෙ ගියාදෝ මාව තනිකර....
ගඟට පාළුව දැනුනෙ නම් නැත
නුඹ සමග මා ආවෙ නැතිවද
ඒත් ගං තෙර ළතා ගොමු මැද
වෙන අයෙකු ඇත නුඹේ අත ගෙන....
Saturday, September 7, 2013
Tuesday, September 3, 2013
ඉසඹුවක අරුම....
උණුසුමට ඉන්නට
ඇඳේ ගුලිවී ගෙනම
වැහි අඳුර ආවම
ඉස්පාසුවක් නෑ තවම
උදේ හිඳ හවා
වෙනකම්ම එක දිගට
දහසකුදු එකක් ඇත
දුවල පැන කල යුතුව
ඉදින් එක් දිනක්වත්
දෙනෙත නිදි කරවන්න
යදිමි ගරු මැතිසඳුනි
ඉසඹුවක් මට දෙන්න....
Subscribe to:
Posts (Atom)