තනිකම පමනක් තනියට සිටිනා
පාළු කොදෙව්වක ක්ෂිතිජය කෙලවර
සුසුම් ලමින් කඳුලැලි වගුරන්නට
අවැසිය මා හට නුඹ නැති මේ රැයෙ....
අඟිලි තුඩක සුව සියොලඟ නැලවූ
උණුසුම් සුසුමින් මා ලය දැල්වූ
වසන්තයේ මා තුරුලෙහි හිඳගෙන
හුරතල් පෙම් බස් දොඩමළු වූ නුඹ
වසන්තයේ අග මටවත් නොකියම
වසන්තයෙන් සමු අරගෙන ගොස් ඇත....
No comments:
Post a Comment