නුදුර එන අඳුර දැක
බිය නොවන් සොඳුර නුඹ
සිනිඳු මුදු රළ සමග
සොයා එමි නුඹ සොඳුර....
ඉමක් නැති නිමක් නැති
සයුර මහ ගැඹුරු වුණු
රළු කොමළ රළ මතින්
දිවි ගමන ගෙවිය යුතු....
විටක මිතුරෙකු ලෙසද
විටක සතුරෙකු වුවද
සයුරු තෙර නුඹම විය
ගැසෙන පණනල හදක....
සියළු දෙවි රකීවා
නුඹ සමග දරුවන්ද
විරිය ගෙන දෑතටම
පදිමි ඔරු කඳ ගොඩට....
බොහොම සංවේදි කවිපෙළක්
ReplyDeleteස්තුති ගොඩක්
Deleteහදවතටම දැනුනා
ReplyDeleteස්තුති ගොඩක්
Delete