Thursday, February 20, 2014

පුදුම රතු රෝස ....

වැටකෙයියා ගාලේ
රතු රෝස මල් පිපිළ
එකම ඉත්තක එකට
එකම න‍ටු අග්ගිස්සෙ....
සුලං වැද තදට
නොසැලෙන නමුත් උන්
බියට පමණක් සැලෙයි
පුදුම රතු රෝස මල්....
දහදියද කරදියද
වෙන්කර නොගෙන
නොදත් සේ රස
විඳිති රති සුව
හිරුත් සමගින් පැමින
සයුරු ඉම විකසිතව
සඳුත් සමගින් මිලින
වෙයි පුදුම රතු රෝස....

4 comments:

  1. ලස්සන වෙනස් අදහසක් ,,

    ReplyDelete
  2. ලස්සන සංකල්පනාවක් .

    ReplyDelete
  3. ලස්සන නිර්මාණයක්...........

    ජය වේවා........

    ReplyDelete